Skip to main content

Posts

Showing posts from July, 2022

මහාචාර්ය හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතන නාහිමියන්ගේ ආලේඛ්‍ය සිතුවම

මහාචාර්ය හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතන නාහිමියන්ගේ ආලේඛ්‍ය සිතුවම 1.හැඳින්වීම                   මෙම ආලේඛ්‍ය සිතුවම සඳහා පාදක කොටගෙන ඇත්තේ කුඩා උඩුව නාලන්දා විශ්ව විද්‍යා පීඨයේ නිර්මාතෘ, විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශාධිපතිව වැඩ සිටි රයිගම්, සල්පිටි, හේවාගම්, පස්යොදුන් සිව් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රාජකීය පණ්ඩිත අපවත් වී වදාළ මහාචාර්ය ගෞරවාර්භ හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතනාභිධාන නා හිමියන් ගේ ආලේඛ්‍ය සිතුවමයි.     වසර 54 ක ට පෙර එනම් 1967/09/10 වන දින පුරාවිද්‍යා පර්යේෂණ කටයුත්තකට සහභාගි වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටියදී ඇතිවූ හදිසි ආබාධයක් හේතුවෙන් ලන්ඩන් නුවර දී උන් වහන්සේ අපවත් වූ සේක. මෙම අභාවය ඉතිහාසය හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මෙන්ම සංඝ සමාජයට ද සිදු වූ මහා හානියකි. මෙම හදිසි වියෝවෙන් එක් වසරකට පසු පුඤ්ඤරතන නාහිමියන්ගේ ජීවී ප්‍රමාණයේ මෙම ප්‍රතිරූප සිතුවම නාලන්දා විශ්ව විද්‍යාපීඨ බෝධිමළු විහාරස්ථානය ට හිමියන්ට ගෞරවයක් වශයෙන් සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර මූර්ති අංශාධිපති ව සිටි චිත්‍රශිල්පී, කලා භූෂණ ප්‍රේමරත්න වනිගතුංග මහතා විසින් තෙල් ස