Skip to main content

𝚃𝚑𝚎 𝚖𝚎𝚗𝚝𝚊𝚕 𝚠𝚘𝚛𝚕𝚍

ලෝකයේ ජීවත් වන සෑම මනුශ්‍යයකුටම තමාට ආවේණික වූ භෞතික නොවන මනෝ ලෝකයක් පවතී . මෙම මනෝ ලෝක නිර්මිතයට තමා දකින , කරන , කියන හා අත්විදින ලද ජීවන අත්දැකීම් මෙයට පාදක වේ . ඒ අනුව මමද මගේ භෞතික ලෝකයෙන් පරිභාහිරව යථා ලෝකයත් මනෝ ලෝකයත් අතර දෝලනය වෙමින් , දකින , කරන , ජීවන අත්දැකීම් හා සිතෙහි හටගත් චෛතසිකයන් මගින් මාගේ මන:කල්පිත වූ මනෝ ලෝකය නිර්මාණය කරගෙන ඇත . මා චිත්‍රණය කරන ලද සිතුවම් වලින් මනෝ ලෝකය තුල අත්විදින ලද සුන්දරත්වයත් , කටුක බවත් පෙන්වීමට උත්සහ දරා ඇත .
💛 𝚃𝚑𝚎 𝚖𝚎𝚗𝚝𝚊𝚕 𝚠𝚘𝚛𝚕𝚍, 𝙰𝚌𝚛𝚢𝚕𝚒𝚌 𝚘𝚗 𝚌𝚊𝚗𝚟𝚊𝚜, 𝙿𝚊𝚒𝚗𝚝𝚒𝚗𝚐 𝚜𝚝𝚞𝚍𝚒𝚘 𝚙𝚛𝚘𝚓𝚎𝚌𝚝, 𝙳𝚎𝚙𝚊𝚛𝚝𝚖𝚎𝚗𝚝 𝚘𝚏 𝚙𝚊𝚒𝚗𝚝𝚒𝚗𝚐, 𝟸𝟶𝟸𝟹.𝟶𝟼.𝟹𝟶

Comments

Post a Comment

Popular posts from this blog

මහාචාර්ය හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතන නාහිමියන්ගේ ආලේඛ්‍ය සිතුවම

මහාචාර්ය හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතන නාහිමියන්ගේ ආලේඛ්‍ය සිතුවම 1.හැඳින්වීම                   මෙම ආලේඛ්‍ය සිතුවම සඳහා පාදක කොටගෙන ඇත්තේ කුඩා උඩුව නාලන්දා විශ්ව විද්‍යා පීඨයේ නිර්මාතෘ, විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශාධිපතිව වැඩ සිටි රයිගම්, සල්පිටි, හේවාගම්, පස්යොදුන් සිව් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රාජකීය පණ්ඩිත අපවත් වී වදාළ මහාචාර්ය ගෞරවාර්භ හාන්දුපැල්පොළ ශ්‍රී පුඤ්ඤරතනාභිධාන නා හිමියන් ගේ ආලේඛ්‍ය සිතුවමයි.     වසර 54 ක ට පෙර එනම් 1967/09/10 වන දින පුරාවිද්‍යා පර්යේෂණ කටයුත්තකට සහභාගි වීම සඳහා එංගලන්තය බලා ගොස් සිටියදී ඇතිවූ හදිසි ආබාධයක් හේතුවෙන් ලන්ඩන් නුවර දී උන් වහන්සේ අපවත් වූ සේක. මෙම අභාවය ඉතිහාසය හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මෙන්ම සංඝ සමාජයට ද සිදු වූ මහා හානියකි. මෙම හදිසි වියෝවෙන් එක් වසරකට පසු පුඤ්ඤරතන නාහිමියන්ගේ ජීවී ප්‍රමාණයේ මෙම ප්‍රතිරූප සිතුවම නාලන්දා විශ්ව විද්‍යාපීඨ බෝධිමළු විහාරස්ථානය ට හිමියන්ට ගෞරවයක් වශයෙන් සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර මූර්ති අංශාධිපති ව සිටි චිත්‍රශිල්පී, කලා භූෂණ ප්‍රේමරත්න වනිගතුංග මහතා විසින් තෙල් ස

චිත්‍ර කලාවට අධිපති විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා

                             සිරිලක් දෙරණෙහි ප්‍රෞඪ වූ අභිමානය මුළු මහත් ලෝකයටම මනාව විෂද කරලන අපේ දේශීය කලා නිර්මාණයන් වනාහි, අපේ මුතුන් මිත්තන්ගෙන් අපි ලද මහාඅනර්ඝ වූ අමිල දායාදයකි. ථෙරවාදී බුදු දහමෙහි කේන්ද්‍රස්ථානය සේම බෞද්ධ කලා කෝෂ්ඨාගාරයක් ලෙසට ද දුරාතීතයේ පටන්ම සිරිලක් මාතාව සෙසු රටවල් අතරෙහි අදට ද දිදුලන්නීය.                     මහින්දාගමනයත් සමඟම සම්බුදු දහමෙහි පහසින් ආධ්‍යාත්මය නිවා සනහාගත් ලක්වාසීහු දුමින්දාගමනයේ දී මෙරටට සපැමිණි ශ්‍රේණි 18 ක ශිල්පීන් හා සබැඳී හිඳ නෙත්, සිත් පහන් සුපහන් කරලන අද්විතීය කලා නිර්මාණයන් ද සිදු කළහ. අනුරපුර, පොළොන්නරුව වැනි පෞරාණික පූජ්‍යස්ථානයන්හි අදටද එකී කලා නිර්මාණ වල සුන්දර බව, අභිමානවත් බව ශේෂවී ඇත. නීල අහස් ඉම කරා උස්ව නැඟී ගත් මහා දාගැබ්, මහා සමුදුරු පරයන සරැලි දියරැලි නංවන මහාවාපි,අනූපමේය වූ මහා කරුණා, මහා ප්‍රඥා ගුණ දහරාවන්, මූර්තිමත් කරමින්, අජීවී කලුගලට පණ පොවා තැනූ ශෛලමය මහා බුද්ධ ප්‍රතිමාද ඊට කදිම නිදසුන් ය.                        මෙම මාහැඟි කලා නිර්මාණයන් සිදු කළේ සාමාන්‍ය මිනිසකු නොව අදිසි බලවේගයක මෙහෙයවීමෙන් බව හෙළ ජන